ප්‍රමුඛ පුවත 1

වෙබ් අඩවියකට එරෙහිව පැමිණිල්ලක්

(UTV| කොළඹ) – පෞද්ගලික වෙබ් අඩවියකට එරෙහිව විභාග දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ වැරදි කාල සටහනක් අන්තර්ජාලයේ පළ කිරීම සම්බන්ධයෙනි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය.

මෙවර උසස් පෙළ විභාගයේ සිංහල පළමු ප්‍රශ්න පත්‍රය, පසුගිය සෙනසුරාදා පෙරවරු 8.30 සිට පෙරවරු 11.40 දක්වා පැවැත්වුණු අතර ඇතැම් විභාග අපේක්ෂකයින් අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ඇති කාල සටහනක සිංහල පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන වේලාව දක්වා ඇත්තේ 11 වැනිදා දහවල් 12.30 සිට 3.40 දක්වා ලෙසය.

ඒ අනුව විභාගයට මුහුණදීමට ගිය සිසුන්ට සිංහල පළමු ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමේ අවස්ථාව අහිමි වී තිබේ.

මෙම සිද්ධියෙන් අසාධාරණයට ලක්වූ සිසුන් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බව විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් විභාග කාල සටහනේ කිසිදු වරදක් නොමැති අත‍ර නිවැරදි කාල සටහන් විභාග ප්‍රවේශ පත්‍රය සමග සිසුන්ට ලබා දෙනු ලැබේ.

බැවින් විභාගයට පැමිණීමට සෑම විටම ක්‍රියා කරන්නේ නම් මෙවැනි අනවශ්‍ය ගැටලු ඇති නොවන බව ද, විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැවති අවහිරතාව අවසන්…

Mohamed Dilsad

ජනපතිවණය පැවැත්විය යුතු දිනය ගැන නාමයෝජනා දිනය කියයි – මැතිවරණ කොමිසමේ සභාපති

Mohamed Dilsad

මැයි මස සිට ආහාර අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම්…

Mohamed Dilsad

Leave a Comment