ප්‍රමුඛ පුවත 1

පෞද්ගලික බස් සංගම් වර්ජනය ක්‍රියාත්මකයි.බස් ධාවනය සාමාන්‍ය පරිදි

(UTV| කොළඹ) – පෞද්ගලික බස් සංගම් ඊයේ රාත්‍රියේ  ආරම්භ කළ වැඩ වර්ජනය මේ වනවිට ක්‍රියාත්මක වේ.

ඊයේ මධ්‍යම රාත්‍රි සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෞද්ගලික බස් සේවකයින් පිරිසක් පියවර ගෙන තිබේ.

ඒ වැඩි කළ දඩ මුදල් අඩු කරන ලෙස ආණ්ඩුවට බල කිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමිනි.

කෙසේ වෙතත් කොළඹ ආශ්‍රිත බොහෝ ප්‍රදේශ වල බස් රථ ධාවනයේ අඩුවක් නොපැවති බව අප වාර්තාකරුවෝ පැවසුහ.

බොහෝ දුර බැහැර ප්‍රදේශවලට බස් ධාවනය නොවන බවත් අනුරාධපුර බස් නැවතුම්පොළෙන් කොළඹ බලා ගමන් ආරම්භ කරන බස් රථ කිහිපයක් ධාවනය වූ බව අප වාර්තාකරුවන් පැවසුවේ ය.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතරින් ගමන් ආරම්භ කරන බස් රථ ධාවනයේද අඩුවක් නොමැති බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක්

Mohamed Dilsad

ඌව විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු කල් දමයි

Mohamed Dilsad

තැපැල් සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment