ප්‍රමුඛ පුවත 1

වැලිකඩ රැඳවියෝ විරෝධතාව අවසන් කරති

UTV | කොළඹ – දින දෙකක් තිස්සේ සිය මූලික අයිතිවාසිකම් ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියෝ බන්ධනාගාර වහලය මත නැග කළ උද්ඝෝෂණය නවතා දැම්මට මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ.

රැඳවියන් සහ බන්ධනාගාර ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

ඔවුන්ගේ ඉල්ලිම් පිළිබඳව ඉදිරියේදී සොයාබලා කටයුතු කිරීමට පැමිණි එකඟතාවකින් පසු මෙම උද්ඝෝෂණය නවතා දැමීමට ඔවුහු තීරණය කර තිබේ.

ඊයේ (13) සවස රැඳවියන් අතර ඇති වූ ගැටුම්කාරි තත්ත්වයෙන් බන්ධනාගාර රෝහලට ඇතුළු කළ රැඳවියෝ සිව් දෙනා තවමත් එහි ප්‍රතිකාර ලබන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

සජිත්ට එරෙහිව පලවන මඩ ප්‍රචාර ගැන තිස්ස කතා කරයි [VIDEO]

Mohamed Dilsad

මීතොටමුල්ල අවදානම් කලාප හඳුනාගැනීමේ කටයුතු අවසන් කිරීමට සුදානම්

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සහභාගී වන්නේ නෑ – ජනපති

Mohamed Dilsad

Leave a Comment