ක්‍රීඩා

20යි විස්සෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

(UTV| කොළඹ) – සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති පන්දුවාර 20 තරඟයෙන් කඩුලු 03කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි.

කාසිය වාසිය හිමිකර ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු සියලු කඩුලු පන්දුවාර 16යි පන්දු 04ක් තුල ලකුණු 98කට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් බිඳ දමන ලදී .

එහිදී කුවින්ටන් ඩී කුක් ලකුණු 20ක් රැස්කළ අතර සෙසු කිසිඳු පිතිකරුවෙකුටවත් ලකුණු 20 ඉක්මවා ලකුණු ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් එහිදී ඉඩ ලබාදුන්නේ නැත.

පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් කඩුලු 03යි. අකිල ධනංජය සහ ධනංජය ද සිල්වා දකුණු අප්‍රිකානු කඩුලු 02 බැගින් බිඳ දැමුවේය.

ලකුණු 99ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවූ  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 16ක් තුල ජයග්‍රාහී සීමාව පසුකර ගියේ කඩුලු 07ක් දැවී තිබියදීය.

එහිදී ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස් කළේ හයේ පහර 02ක් සහ හතරේ පහර 04ක් සමඟිනි.ඒ අනුව ඔහුට තරඟයේ වීරයා සම්මානය හිමි විය.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය දිනේෂ් චන්දිමාල් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 36 කි.

මෙම ජයග්‍රහණය සමඟ පන්දුවාර 20 තරඟයේ ශුරතාවය ශ්‍රී ලංකාවට හිමි විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

BPL විස්සයි 20 තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙක්

Mohamed Dilsad

හිමාෂ ඒෂාන් ඔලිම්පික් ශූර යොහාන් බ්ලේක් පරදවයි

Mohamed Dilsad

අද තවත් තීරණාත්මක තරඟයක්

Mohamed Dilsad

Leave a Comment