විදෙස්

FBI ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු ධුරයෙන් ඉවත් කෙරේ

(UTV|ඇමෙරිකාව) – FBI සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු වන පීටර් ස්ට්‍රෝක් ධුරයෙන් ඉවත්කර තිබේ.

ඒ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් කෙටි පණිවුඩ යැවීම හේතුවෙන් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ පසු, එෆ් බී අයි සංවිධානයේ ධුරයෙන් ඉවත් කළ තුන්වන ඉහළ පෙළේ නිලධාරියා මොහුයි.

ඉකුත් ජනපතිවරණයේදී ජනපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි සේ විවේචනයට ලක් කිරීම හේතුවෙන් ස්ට්‍රෝක් මෙලෙස ධුරයෙන් ඉවත් කර තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ අමෙරිකානු නීති දෙපාර්තමේන්තුව කළ දීර්ඝ අභ්‍යන්තර විමර්ශනයකින් අනතුරුව ස්ට්‍රෝක් සිය මිතුරන් සමග හුවමාරු කරගත් කෙටි පණිවුඩ පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට හැකි වී ඇති බවයි.

ඒ අනුව ස්ට්‍රෝස්ට දින 60 ක වැඩ තහනමක් හා ඔහුගේ තනතුරද පහත හෙළන බව FBI නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩේවිඩ් බෝඩිච් නිවේදනය කළේ ය.

පීටර් ස්ට්‍රෝක්, FBI සංවිධානයේ කටයුතු කළේ නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් ලිකුඩ් පක්ෂය ජයගනී

Mohamed Dilsad

ජපාන නෞකාවේ නිරෝධායන කටයුතු අවසන්

Mohamed Dilsad

යුක්‍රේන ජනාධිපති ගමන්ගත් වාහනය අනතුරකට ලක්වෙයි

Mohamed Dilsad

Leave a Comment