ප්‍රමුඛ පුවත 1

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස්‌ රථ වර්ජනයක්‌

(UTV| කොළඹ) – රථවාහන සඳහා මෑතකදි හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය අද (15) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සංවිධායක යූ. කේ. කුමාර රත්න රේණුක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

දඩ ගාස්‌තු ඉහළ දැමීම නිසා රියෑදුරන් අපහසුතාවට ලක්‌ වීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන අතර රියෑදුරු බලපත්‍රයක්‌ හිමි සෑම රියෑදුරකුම මෙම වර්ජනයට සහාය දෙනු ඇතැයිද එ මහතා ප්‍රකාශ කළේය.

මෙම වර්ජනය සඳහා බවුසර් සහ බහාලුම් රියෑදුරන්ගේ සහායද හිමි වන බවත් කොළඹ නගරයේ ධාවනය කෙරෙන සියලුම ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ සහාය හිමි වන බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම බස්‌ වර්ජනයට පෞද්ගලික බස්‌ රථ හිමියන්ගේ සංගම් කිසිවක්‌ දායක නොවන බවද එම සංගම්වල නියෝජිතයෝ මාධ්‍ය වෙත පැවසූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදේශ අමාත්‍ය මානව හිමිකම් කවුන්සිලය අමතයි

Mohamed Dilsad

විපක්ෂනායක ගැන කතානායකගේ ස්ථාවරය දැනුම් දෙයි

Mohamed Dilsad

ඉදිරි දිනවල ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවධානමක්.

Mohamed Dilsad

Leave a Comment