ව්‍යාපාරික

ශ්‍රීලංකාව සහ සිංගප්පුරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමට සුදානම්

(උදයම්,සිංගප්පුරුව)  – දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමට මේ වසර තුළ දී හැකි වනු ඇතැයි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් විශ්වාසය පළ කරයි.

ඔහු සිය ෆේස්බුක් වෙබ් පිටුවට සටහනක් එක් කරමින්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පසුගියදා පැවැත්වූ සාකච්ඡාවකදී ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගත් බව පවසා තිබේ.

තමාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී ආරාධනා කළේ යැයි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් තැබූ සටහනේ සඳහන් වෙයි.

ඕස්ට්‍රේලියාවේ නිළ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍යවරයා නැවත ශ්‍රී ලංකාව බලා එන අතරතුර සිංගප්පූරුවට ගොස් ඇත.

නාගරික සැලසුම්, යටිතල පහසුකම් සංවර්ධන සහ සංචාරක මෙන්ම නිෂ්පාදන ක්ෂේත්‍රයන් හි ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදුකිරීමට සිංගප්පූරු සමාගම් රැසක් දැනටමත් කැමැත්ත පළ කර ඇති බවයි සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊශ්වරන් කියා සිටියේ.

Related posts

ඇමෙරිකා තීරු බදු අද සිට ක්‍රියාත්මකයි

Editor O

සිමෙන්ති වැඩි මිලට අලෙවි කරන අයට නීතිය දැඩි වෙයි

Mohamed Dilsad

ඉරිඟු මෙටි‍්‍රක් ටොන් 80,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment