ව්‍යාපාරික

ශ්‍රීලංකාව සහ සිංගප්පුරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමට සුදානම්

(උදයම්,සිංගප්පුරුව)  – දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමට මේ වසර තුළ දී හැකි වනු ඇතැයි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් විශ්වාසය පළ කරයි.

ඔහු සිය ෆේස්බුක් වෙබ් පිටුවට සටහනක් එක් කරමින්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පසුගියදා පැවැත්වූ සාකච්ඡාවකදී ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගත් බව පවසා තිබේ.

තමාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී ආරාධනා කළේ යැයි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් තැබූ සටහනේ සඳහන් වෙයි.

ඕස්ට්‍රේලියාවේ නිළ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍යවරයා නැවත ශ්‍රී ලංකාව බලා එන අතරතුර සිංගප්පූරුවට ගොස් ඇත.

නාගරික සැලසුම්, යටිතල පහසුකම් සංවර්ධන සහ සංචාරක මෙන්ම නිෂ්පාදන ක්ෂේත්‍රයන් හි ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදුකිරීමට සිංගප්පූරු සමාගම් රැසක් දැනටමත් කැමැත්ත පළ කර ඇති බවයි සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊශ්වරන් කියා සිටියේ.

Related posts

ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය මිලදී ගැනීමේ නව ගිවිසුමකට එළඹෙයි

Editor O

අපේ පාවහන්වලට 2020 දී හොඳ අපනයන වෙළෙද පොළක් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

බදු ශක්ති බදු සතියට සමගාමීව මත්පැන් බලපත්‍රධාරීන්ට පැවැත්වූ වැඩමුළුවට සහාය නොදුන්නැයි සුරාබදු දෙපාර්තමේන්තුවට චෝදනා

Editor O

Leave a Comment