ප්‍රමුඛ පුවත 1

බෙල්ලන්විල පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

(UTV| කොළඹ) – 2018 බෙල්ලන්විල ඇසළ පෙරහැර අවසන් රන්දෝලි පෙරහැර අද (11) රාත්‍රී 8.00ට විථී සංචාරයක කිරීම නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පෙරහැර නැගෙනහිර වාහල්කඩින් පිටත්වී විහාර මාවත, දෙහිවල – මහගරම ප්‍රධාන මාර්ගයේ බෙල්ලන්තර හන්දිය කරා ගමන් කර අනතුරුව රත්මලාන – නුගේගොඩ මාර්ගයේ බෙල්ලන්තොට හන්දිය පසුකර පැපිලියාන දෙසට ගමන් කළ විට හමුවන විහාර මාවත ඔස්සේ නැවත නැගෙනහිර වාහල්කඩින් විහාරස්ථානය වෙත ගෙවදීමට නියමිතය.
පෙරහැර ගමන්ගන්නා කාලය තුළ බොරලැස්ගමුව හන්දිය, බෙල්ලන්තර හන්දිය, ඇන්ඩසන් පාර අසල, පැපිලියාන හන්දිය යන් ස්ථානවලින් මාර්ගය වසා තැබිමට කටයුතු කරන අතර විකල්ප මාර්ගයන් ලෙස මහරගම පිළියන්දල දෙස සිට දෙහිවල දෙසට ගමන්ගන්නා වාහන කොහුවල මංසන්දිය දෙසට ගොස් වමට හැරී මහරගම බොරලැස්ගමුව දෙසට පැමිණෙන වාහන දෙහිවලින් ගාලුපාර ඔස්සේ විලියම් ග්‍රයින්ඩින් මිල්ස් ආයතනය අසලින් කොහුවල දෙසට පැමිණ දකුණට හැරී බොරලැස්ගමුව හා මහරගම දෙසට ගමන් කළ යුතු වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත් අද පක්ෂ නායකයන් සමඟ සාකච්ඡාවකට

Mohamed Dilsad

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කෙරේ

Mohamed Dilsad

කොළඹ – මඩකලපුව දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment