විදෙස්

සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් එමර්සන් මනන්ගග්වාට ජය

(UTV|සිම්බාබ්වේ ) – සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් ජනපති එමර්සන් මනන්ගග්වා ජයග්‍රහණය කර තිබේ.

ඒ, සමස්තයක් ලෙස 50.8%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.

ප්‍රතිවාදී නෙල්සන් චමීසාට ලබා ගැනීමට හැකි වූයේ, 44.3%ක් පමණි.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළ සිම්බාබ්වේ විපක්ෂ දේශපාලන නිලධාරීන් මැතිවරණ කොමිසමෙන් ඉවත් කිරීමට පොලීසිය පියවර ගත් බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

නෙල්සන් චමීසාගේ එම්.ඩී.සී. සන්ධානයේ සභාපතිවරයා පවසන්නේ, මැතිවරණ ප්‍රතිඵලය තහවුරු කළ නොහැකි බව ය.

මැතිවරණ ප්‍රතිඵලය තමන් නිහතමානීව පිළිගන්නා බවත් එය නව ආරම්භයක් බවත් ජනපති මනන්ගග්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විනාඩි කීපයකින් කොරෝනා ආසාදිතයන් හඳුනාගත හැකි ක්‍රමවේදයක්

Mohamed Dilsad

පිලිප් කුමරුගේ අභාවයට ලොව නන් දෙසින් ශෝක පණිවිඩ – අගමැති මහින්දත් සොව පළ කරයි

Mohamed Dilsad

ට්‍රම්ප් නව සංක්‍රමණික තහනමක් ගෙන එන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment