විදෙස්

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට පුටින් සහය දුන් බවට බුද්ධි තොරතුරු

(උදයම් , ඇමෙරිකා ) – මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහනය වෙනුවෙන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් සහාය දක්වා ඇති බව ඇමෙරිකානු බුද්ධි තොරතුරු හෙළි කරයි.
වාර්තාවක් අනාවරණය කරමින් ඇමෙරිකානු බුද්ධි තොරතුරු හෙළිකර ඇත්තේ රුසියානු ජනාධිපතිවරයා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් බලපෑමක් කිරීම සඳහා අණලබාදී ඇති බවයි.
පිටු 25කින් යුතු මෙම වාර්තාව පෙන්වා දී ඇත්තේ ක්‍රෙම්ලීනය පැහැදිලිවම ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත කැමැත්තෙන් සිට ඇති බවයි.
එහිදී, ඩිමොක්‍රටික් පක්ෂය කෙරෙහි පැවති ජනතා කැමැත්ත අවතක්සේරු කිරීම මෙන්ම, ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ පත්වීම වැළැක්වීම කෙරෙහි ක්‍රෙම්ලීනය හිතාමතා කටයුතු කර ඇති බවත් එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.
මේ සම්බන්ධයෙන් මොස්කව් පාලනය මෙතෙක් කිසිවක් පවසා නැත.
නමුත් ඇමෙරිකානු මැතිවරණයට රුසියාවේ අතපෙවීම සම්බන්ධයෙන් එල්ල කෙරුණු චෝදනා මුල සිටම ඔවුන් ප්‍රතික්ෂේප කළේය.

Related posts

ඉන්දුනීසියාවේ මරගෙන් මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

වසංගතය තවත් දරුණුයි – ට්‍රම්ප්ගෙන් ඇමරිකානුවන්ට ඉල්ලීමක්

Mohamed Dilsad

තුර්කියේ පැවැත්වූ මැතිවරණයක් යළි පවත්වන ලෙස නියෝග.

Mohamed Dilsad

Leave a Comment