විදෙස්

කිම් ජෝන් නෑම් ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

(උදයම්,මලයාසියාව)  – උතුරු කොරියානු ජනාධිපති කිම් ජෝන් අන්ගේ ඥාති සහෝදරයකු මැලේසියාවේදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ උතුරු කොරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනේ.
මලයාසියාවේදී ඔහු අත්අඩංගුවට ගත් බව මලයාසියානු පොලිසිය පවසයි.
46 හැවිරිදි මෙම සැකකරු රී ජෝන්ග් චෝල් බව විදෙස් වාර්තා සඳහන් කරයි.
කිම් ජෝන් නෑම් බොහෝ කාලයක් රටින් බැහැරව ජීවත්වී ඇති අතර ජනාධිපතිවරයාගේ මෙන්ම පවුලේ කටයුතු දැඩිව විවේචනය කල අයෙක් ලෙසට සැලකේ.
වයස අවුරුදු 40 ක් පමණ වන කිම් ජෝන් නෑම් මැලේසියාවේදී ඝාතනයට ලක්වී ඇත්තේ ක්වාලාලාම්පුර් නුවර ගුවන්තොටුපලේ සිටියදීය.
ඔහුට ගුවන්තොටුපලේදී කාන්තාවන් දෙදෙනෙකු විසින් විෂ සහිත පානයක් ලබාදී ඇතැයි මුලික විමර්ශණවලදී හෙළිවිය.ඒ අනුව එම කාන්තාවන් දෙදෙනාද පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

චැඩ් ජනපති කැරැලිකරුවන් අතින් මරුට

Mohamed Dilsad

ඉන්දුනීසියා අගන් ගිනි කන්ද යළි සක්‍රිය වෙයි

Mohamed Dilsad

ෂාරුක් ඛාන්ගෙන් අලුත් වැඩක්

Mohamed Dilsad

Leave a Comment