ප්‍රමුඛ පුවත 1

එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි වාහන සඳහා නිෂ්පාදන බදු සංශෝධනය කෙරේ

(UTV| කොළඹ) – එන්ජින් ධාරිතාවය 1000 කට නොවැඩි මෝටර් රථ සඳහා අයකරනු ලබන නිෂ්පාදන බද්ද අද(01) සිට සංශෝධනය කර තිබේ.

ඒ අනුව, එන්ජින් ධාරිතාව 1000 කට නොවැඩි සාමාන්‍ය මෝටර් කාර් 01 සඳහා අගෝස්තු මස 01 සිට ඒකක බද්ද ලෙස රු. 1,500,000 ක් ලෙස නියම කර තිබේ. එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි විදුලි බලයෙන්ද ක්‍රියාත්මක කළ හැකි දෙමුහුන් වාහන සඳහා වන ඒකක බද්ද රු. 1,250,000 ලෙස සංශෝධනය කර තිබේ.

කෙසේ වෙතත්, 2018 අගෝස්තු මස 01 දිනට පෙරාතුව ණයවර ලිපි (LC)විවෘත කරන ලදුව 2019 ජනවාරි මස 31 දිනට පෙර නිශ්කාශනය කරන වාහන සඳහා මෙම නව බදු අදාළ වන්නේ නැත.එම කාලසීමාව තුළ ආනයනය කරනු ලබන වාහන පෙර පැවැති එන්ජින් ධාරිතාවය මත වූ නිෂ්පාදන බද්දට යටත් කරනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජින්තුපිටියේ කොරෝනා රෝගියා ආසාදිතයෙකු නොවන බව තහවුරු වේ

Mohamed Dilsad

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

සියලුම දිස්ත්‍රික්කවල ආරක්ෂක කමිටු රැස්කරන ‌ලෙස දිසාපතිවරුන්ට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment