ප්‍රමුඛ පුවත 1

පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ රත්‍රං හා ආයුධ සොයා කැනීම්

(UTV| කොළඹ) – අවසන් යුද සමය පුදුකුඩුඉරිප්පු වලෙන්චර්මඩම ප්‍රදේශයේ රත්‍රං හා ආයුධ සොයා කැනීම් සිදුකරයි.

රත්‍රන් සහ ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත මෙම කැනීම් සිදු කරයි.

ඊයේ(31) පස්වරුවේ පොලීසිය විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝග යටතේ ප්‍රදේශයේ කැනීම් සිදු කර ඇත.

පැය තුනක පමණ කාලයක් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදුකරනු ලැබුවද ආරක්ෂක අංශ වෙත කිසිදු භාණ්ඩයක් හෝ උපකරණයක් සොයා ගැනීමට නොහැකිව ඇත.කැනීම් කටයුතු නවතා දැමු බවද පොලීසිය පැවසීය.

මීට පෙර  අවස්ථා ගණනාවකදී කිලිනොච්චිය ප්‍ර‍දේශයේ හා මුලතිව් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සංවිධානය වළ දැමු රත්‍රං පවතින බවට ලද තොරතුරු මත ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදුකළද කිසිවක් සොයා ගැනීමට හැකියාවක් නොලැබිණ.

කැනීම් වෙනුවෙන් පුදුකුඩිඉරිප්පු පොලිස් නිළධාරීන්, පුදුකුඩිඉරිප්පු යුද හමුදා නිලධාරීන්ද එක්ව සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙ‍යවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හයිලෙවල් මාර්ගයේ හෝමාගම අවට වාහන තදබදයක්

Mohamed Dilsad

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ධුරයෙන් ඉවත් වීමට සුදානම්ද?

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාර පරීක්ෂණ සඳහා පොලිස් සුනඛයින් 215ක්.

Mohamed Dilsad

Leave a Comment