ප්‍රමුඛ පුවත 1

ගුවන් සමාගම් දෙකේ අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල හා ශ්‍රී ලංකන් කේටරින් ආයතනවල සිදු වූ බව කියන අක්‍රමිකතා සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කරයි.

ඒ අනුව එම කාලය තවත් මාස 5කින් දීර්ඝ කර ඇති බව එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පවසයි.

එම කොමිසමේ නිල කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබූණි.

ජනාධිපතිතුමා විසින් එහි නිල කාලය දෙසැම්බර් 31 වන දා දක්වා දීර්ඝ කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

20 ට එරෙහිව ගම්මන්පිලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

Mohamed Dilsad

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් විරෝධතාවයේ

Mohamed Dilsad

නිදහස් පක්ෂ විනය කමිටුවේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment