ප්‍රමුඛ පුවත 1

උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදෙස් ගතවීමට අවසර

(UTV| කොළඹ) – පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අද (31) දින සිට සැප්තැම්බර් මස 10 වන දින දක්වා විදෙස් ගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද අවසර ලබා දුන්නේය.

නීතිවිරෝධී අන්දමින් තම විහාරයේ අලි පැටවෙකු තබා ගැනීමේ චෝදනාවට විත්තිකාර වූ ධම්මාලෝක හිමියන් මෝසමක් ගොනුකිරීම මගින් සිදුකළ ඉල්ලීම සලකා බලා විනිසුරුවරයා එම නියෝගය සිදුකළ ඇත.

මෙම අධිකරණ නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත නිසි ආකාරව යවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය 26 වනදා විදෙස් ගත වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක සඳහන් දිනයක් පිළිබඳ ඇති වු ගැටලුවක් හේතුවෙන් ලන්ඩන් බලා ගමන් කිරීමට කටුනායකින් ගුවන් යානයකට ගොඩ වී සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ඉන් පිටතට වැඩම කරවනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම් වලින් ව්‍යාපාරිකයින් 49කට නඩු…

Mohamed Dilsad

රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලිසිය භාරයට

Mohamed Dilsad

අගමැති බීජිං නුවරට ලඟා වෙයි

Mohamed Dilsad

Leave a Comment