ප්‍රමුඛ පුවත 1

කොළඹට පැමිණි ගුවන් යානයක දෝෂයක්

(උදයම්කො,කොළඹ)   – කොළඹ බලා පිටත් වූ මලයාසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යළි ක්වාලාලම්පූර් ගුවන්තොටුපලට ගොඩ බැස්සවූ බව වාර්තාවේ.

ඊයේ (16)රාත්‍රී  ක්වාලාලම්පූර් ගුවන්තොටුපලෙන් පිටත් වී ඇති මලයාසියානු ගුවන් සමාගමට අයත් MH 179 දරණ ගුවන් යානය මෙලෙස තාක්ෂණික දෝෂයකට  ලක්ව තිබේ.

ඒ නිසා එම යානය අද(17) අළුයම 1.50ට පමණ ක්වාලාලම්පූර් ගුවන්තොටුපලට ගොඩබස්වා ඇති බව වාර්තා වේ.

තාක්ෂණික දෝෂය යථා තත්වයට පත් කිරිමෙන් අනතුරුව  අද(17) පස්වරුවේ යානය යළි කොළඹ බලා පිටත්වීමට නියමිත බව මලයාසියානු ගුවන් සමාගම නිවේදනය කරයි.

Related posts

2019දි බිලියන දහසක ආදායම් බදු ඉලක්කයක අපේක්ෂාවක්

Mohamed Dilsad

මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිම ඇරඹේ

Mohamed Dilsad

මහින්ද හමුවූ 16 කණ්ඩායම කියන කතාව

Mohamed Dilsad

Leave a Comment