ප්‍රමුඛ පුවත 1

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති බලමණ්ඩලය වර්ජනයකට සැරසෙති

(UTV| කොළඹ) – පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය ලබන 01 වැනිදා දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර ඇත.

වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම මගින් වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරීත්වයක් ඇතිවී වෛද්‍ය නොවන අනෙකුත් සියලුම සෞඛ්‍ය වෘත්තීන්ට හා මහජනතාවට සිදුවන අහිතකර බලපෑමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව එම බලමණ්ඩලය පෙන්වා දෙයි.

ඒ අනුව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, රසායනාගාර විද්‍යාඥයින්, විකිරණ තාක්ෂණවේදීන්, භෞතික චිකිත්සකවරු, වෘත්තීය චිකිත්සකරු ඇතුළු වෛද්‍ය නොවන සෞඛ්‍ය අංශයේ සේවා 20 ක සාමාජිකයන් 10,000 කට ආසන්න පිරිසක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එකතු විමට නියමීතව තිබේ.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් ඖෂධ සැපයීම, වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ, භෞතික චිකිත්සන පරීක්ෂණ කටයුතු ඇණහිටින බවද එම බලමණ්ඩලය වැඩි දුරටත් අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කසල ප්‍රවාහන ටිපර් රථ වලට අදත් විරෝධය [video]

Mohamed Dilsad

හෙට සිට වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්

Mohamed Dilsad

මන්නාරමෙන් ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment