ප්‍රමුඛ පුවත 1

කළු ගඟ ජලාශයේ මංගල දියවර නිකුත් කෙරේ

(UTV|මාතලේ) – කළු ගඟ ජලාශයේ මංගල දියවර ලබා දීමේ අවස්ථාවට සමගාමීව මොරගහකන්ද ජලාශය කුලසිංහ මොරගහකන්ද ජලාශය නමට පත්කිරීම සහ ජලාශය ඉදිරිපිට කළු ගලින් නෙලන ලද අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සමාන වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම අද (23) දින පෙරවරුවේ සුබ මොහොතින් සිදු කෙරුණි.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මොරගහකන්ද සම්බන්ධ අනෙක් මහා ජලාශය කළුගඟ ජලාශයයි. මාතලේ දිස්ති‍්‍රක්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ කලුපහන ප‍්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ ලග්ගල- පල්ලේගම ප‍්‍රදේශයේ දී හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය වෙනවා. මෙහි සම්පූර්ණ ධාරිතාවය ඝන මීටර් දස ලක්ෂ 248ක්.  ජලාශයේ වර්ග ප‍්‍රමාණය වර්ග කි.මි. 14.5 කි.

කළුගඟ පහළ නිම්න ප‍්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3,000 ක් සඳහා කළුගඟ ජලාශයෙන් ජලය සැපයෙන අතර, අනතුරුව අතිරික්ත ජල ප‍්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනමාධ්‍ය අමාත්‍යංශ නව ලේකම් ධුරයට – චරිත හේරත් පත් කෙරේ

Mohamed Dilsad

නව නිපැයුම්වලින් ලෝකෙන්ම එකට ආ අයියයි – නංගියි

Mohamed Dilsad

ඡන්ද මධ්‍යස්ථාන වෙනස් කිරීමට දී තිබූ කාලය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment