ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රීවරුන්ට පිටි හා තෙල් සහිත කෙටි කෑම වෙනුවට විජලනය කරන ලද පළතුරු

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී සංග්‍රහ කටයුතු සඳහා යොදා ගනු ලබන පිටි හා තෙල් සහිත කෙටි කෑම වෙනුවට විජලනය කරන ලද පළතුරු ලබාදීම අනිවාර්ය කිරීමට යයි.

ඒ සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සූදානම් වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කෙසෙල්, අඹ, දොඩම්, අන්නාසි මෙන්ම වරකා යන පලතුරු විජලනය කර පාර්ලිමේන්තුවේ හා අමාත්‍ය මණ්ඩල රැස්වීම් සඳහා ලබාදීමට සැලසුම් කර ඇත.

අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ නිලධාරීන්ට පෙන්වා දී ඇත්තේ රට පුරා පාසල් ආශ්‍රිතව කෙටි කෑම හෙවත් ෂෝට් ඊට්ස් බහුලව අලෙවි වන බැවින් එය වැළැක්වීම සඳහා විජලනය කළ පලතුරු පාසල් පද්ධතිය වෙත හඳුන්වා දීම වඩා යෝග්‍ය බවත් පාසල් දරුවන්ට ආදර්ශයක් ලෙස පාර්ලිමේන්තුවෙන් හා අමාත්‍ය මණ්ඩලයෙන් එය හඳුන්වා දිය යුතු බවත්ය.

මෙම වසර අවසාන වීමට ප්‍රථම යන්ත්‍රයක මිල රුපියල් මිලියන 80ක් පමණ වන පලතුරු විජලනය කිරීමේ යන්ත්‍ර 10 ක් ජර්මනියෙන් ආනයනය කර පළාතකට එක් යන්ත්‍රයක් බැගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ලබා දීමටද අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරීමට රටවල් 118ක උත්සව පැවැත්වෙයි

Mohamed Dilsad

පක්ෂය ඉදිරියට ගෙන යාහැකි එකම නායකයා සජිත් [VIDEO]

Mohamed Dilsad

සජිත් අද පක්ෂ නායකයන් සමඟ සාකච්ඡාවකට

Mohamed Dilsad

Leave a Comment