ප්‍රමුඛ පුවත 1

‘දේශීය සහල් සඳහාත් අද සිට පාලන මිලක්’ ඇමති රිෂාඩ්

(උදයම්,කොළඹ) – දේශීය සහල් සඳහා පාලන මිල තීරණය කිරීම අද සිදුකරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසයි.
රජය විසින් පසුගියදා ආනයනික සහල් සඳහා පාලන මිලක් නිකුත් කරණ ලදී.
නමුත් පසුගිය දින කිහිපය පුරාම වෙළඳපොලේ දේශීය සහල් රුපියල් 100ටා වඩා වැඩි මිලකට අලෙවි කෙරෙන බවට පාරිභෝගික ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇත.
ඒ අනුව දේශීය සහල් වලටද පාලන මිලක් ගෙන ඒමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සහල් නිෂ්පාදකයින් අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී එකඟ වූයේ දේශීය සහ විදේශීය සහල් සඳහා වෙන වෙනම පාලන මිලක් තීරණය කිරීමටය.
ඒ අනුව අද දිනයේදී දේශීය සහල් සඳහා ද පාලන මිලක් නිකුත් කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් සඳහන් කළේය.

Related posts

ඉහළ පෙළේ නෝවේජියානු නිලධාරිනියක් දිවයිනට

Mohamed Dilsad

විදුලි පේණු සහ කෙවෙනි සඳහා නව ප්‍රමිතීන් හෙට සිට

Mohamed Dilsad

ජනාධිපති ධූර අපේක්ෂකත්වයේ ගැටළු පිළිබදව එජාපය එකගතාවයකට

Mohamed Dilsad

Leave a Comment