ක්‍රීඩා

ටැබ්රේස් ෂම්සි ශ්‍රී ලංකා තරඟ සංචාරයෙන් ඉවත් වෙයි

(UTV|) – පුද්ගලික කාරණයක් නිසා දකුණු අප්‍රිකා දඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්රේස් ෂම්සි ශ්‍රී ලංකා තරග සංචාරයෙන් ඉවත්ව ඇති බව වාර්තා වේ.

මේ වනවිට ඔහු දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් ඇති අතර නැවත පැමිණෙන දිනයක් හෝ ඔහු වෙනුවට නම් කෙරෙන ආදේශක ක්‍රීඩකයෙකු පිළිබඳ නිල තහවුරු කිරීමක් මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැත.

ශ්‍රී ලංකාව සමග පැවති පළමු තරගයේදි ෂම්සි කඩුළු 04 ක් දවා ගැනිමට සමත් වුයේය.

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 20 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝලි ලොව සියලු ක්‍රීඩකයින්ට ආදර්ශයක් දෙයි

Mohamed Dilsad

කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව හදන්න නව කළමනාකරුවෙක්

Mohamed Dilsad

පාරමී සහ ඩිලාන් යොවුන් ඔලිම්පික් උළෙලට

Mohamed Dilsad

Leave a Comment