ප්‍රමුඛ පුවත 1

ශ‍්‍රී ලංකා – සිංගප්පූරු ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

(UTV| කොළඹ) – ශ‍්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (17) පැවැත්වේ.

මෙම විවාදයේ යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් ඉදිරිපත් කරනු ඇත.

සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස මෙම විවාදය අද පස්වරු 1.30 සිට පස්වරු 6.30 දක්වා පැය පහක් පුරා පැවැත්විමට නියමිතය.

පසුගියදා අත්සන් තැබුණු ශ‍්‍රී ලංකා – සිංගප්පූරු ගිවිසුම, පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් දැඩි විවේචනයට ලක් කළේය.

මේ අතර පසුගියදා 05 වැනිදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වු ජාතික විගණන පනත් කෙටුම්පතට කතානායක කරු ජයසූරිය මහතා අද (17) අත්සන් තැබීමට නියමිතය.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ විශේෂ පරික්ෂාවකින් පසුව ජාතික විගණන පනත මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට ඊයේ (16) දිනයේ යැවු බවද එම ආරංචි මාර්ග කියයි.

ජාතික විගණන කොමිෂන් සභාව ශක්තිමත් කිරීමටත් විගණන කාර්යාලයක් පිහිටුවීමටත් ජාතික විගණන පනත් කෙටුම්පතෙන් විධිවිධාන සලසා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මැතිවරණයට පොදු සන්ධානයකින් තරඟ වැඳීම වැදගත් [VIDEO]

Mohamed Dilsad

වැලිකඩ බන්ධනාගාරය තුළ විරෝධතාවයක්

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් – CID පවසයි.

Mohamed Dilsad

Leave a Comment