ප්‍රමුඛ පුවත 1

තවත් සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

(උදයම්,කොළඹ) – මොරටුව ප්‍රදේශයේ පාසලක පැවැත්වූ ක්‍රිකට් තරඟයක් අතර තුර පාසල් දෙකක සිසුන්  දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මොරටුව ප්‍රදේශයේ හා නුගේගොඩ ප්‍රදේශයේ පාසල් දෙකක් අතර පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟයක් අවසානයේදී ගැටුම හටගෙන ඇති බව පොලීසිය පවසයි.

ගැටුමෙන් තුවාල ලැබූ ශිෂ්‍යයින් 06 දෙනා ලුනාව රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ශිෂ්‍යයින්  දස දෙනෙකු මොරටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අද(16) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනා අවවාද කිරීමෙන් පසුව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

ඊයේ රාත්‍රියේ මෙම සිසුන් මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

අද දිනයේ සිය දෙමව්පියන්ද සමඟ අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා මෙම සිසුන්ට දැනුම්දී ඇත.

මෙම ගැටුමෙන් සිසුන් අටදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහළට ඇතුළත් කර තිබේ.

ඊයේ බොරැල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් තවත් සිසුන් පස්දෙනෙකු අද අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

රාජ්‍ය සේවකයන්ගේ ඇදුම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

“රට වෙනුවෙන් එකට සිටිමු” සමාප්ති වැඩසටහන අද ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

චීන, රුසියානු විදේශ අමාත්‍යවරුන් හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment