විදෙස්

ගුහාවේ සිරවී සිටින තායි දරුවන් 08 දෙනෙකු බේරා ගැනේ

(UTV|තායිලන්තය) –  තාම් ලූවන් ලෙනෙහි සිරවී සිටින තායිලන්ත යොවුන් පාපන්දු කණ්ඩායමේ අවසන් ළමයින් 04 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුම අද (10) ක්‍රියාත්මක කෙරේ.

ජාත්‍යන්තර කිමිදුම්කරුවන්ගේ සහය ඇතිව පසුගිය දිනවල ක්‍රියාත්මක කෙරුණු මුදා ගැනීමේ මෙහෙයුමෙන් ඊයේ දිනය වන විටළමයින් 8 දෙනෙකු ඉවත් කර ගැනීමට හැකි වුණි.

මුදා ගත් ළමයින් මේ වන විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදෙන අතර, ඔවුන් සෞඛ්‍ය තත්ත්වය යහපත් බව විදෙස් වාර්තා පවසයි.

මෙම ළමයින් පිරිස සිය පුහුණුකරු සමඟ මෙම ලෙනෙහි අතරමං වූයේ පසුගිය ජුනි 23 වන දාය.

ලෙන් ප්‍රදේශයට තවදුරටත් වැසි ඇද වැටීම නිසා ලෙන තුළ සිටින සිසුන්ගේ තත්ත්වය තවදුරටත් අනතුරුදායක විය හැකි බව එරට අපදා අංශ සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තලෙයිබාන් පාලනයේ අලුත්ම නියෝගය

Mohamed Dilsad

ඇමරිකාව සහ හොංකොං අතර මුහුද යට කේබල් ව්‍යාපෘතිය නවතා දමයි

Mohamed Dilsad

ජපානයේත් කොරෝනා අවධානම ඉහළට

Mohamed Dilsad

Leave a Comment