ප්‍රමුඛ පුවත 1

සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

(UTV| කොළඹ) – එයාර් වයිස් මාර්ෂල් මයිකල් ටෙඩ්සානි මෝයෝ (Michel Tedzani Moyo) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහල නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස අද (ජුලි 05)  නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.

එහිදී දූත මණ්ඩල ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් මයිකල් ටෙඩ්සානි මෝයෝ මහතා, නැගෙනහිර ප්‍රදේශ භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවි සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

ඉන් අනතුරුව, නැගෙනහිර ප්‍රදේශයේ වැදගත් කම හා නාවික හමුදාවේ කාර්යභාර්ය සම්බන්ධයෙන් පැමිණ සිටි දූත පිරිස දැනුවත් කිරීමේ සාකච්ඡාවක් නැගෙනහිර ප්‍රදේශ භාර ආඥාපති තුමන් සහ නැගෙනහිර ප්‍රදේශය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නන්දන ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාලදිවයින ජනාධිපති අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

Mohamed Dilsad

උඩරට දුම්රිය මාර්ගයට රේල් බස් සේවාවක්

Mohamed Dilsad

ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනයට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිවෙයි…

Mohamed Dilsad

Leave a Comment