ප්‍රමුඛ පුවත 1

ප්‍රවීණ රංගධර රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂි රංග ප්‍රතිභාවක් විදහා පෑ රංගධරයකු වූ රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

සිංහල සිනමාවේ හාස්‍ය උත්පාදනය,සම්භාව්‍ය සිනමාව, වණිජ සිනමාව යන සියලු අංශයන්හී කැපී පෙනෙන දායකත්වයක් ලබාදීමට රෝයි ද සිල්වා මහතාට හැකි විය.

දේශීය සිනමාකර්මාන්තයක් වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදනයට ප්‍රවිශ්ඨ වෙමින් රෝයි ද සිල්වා මහතා දේශීය සිනමා කර්මාන්තය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ජ්‍යේෂ්ඨ සිනමා කරුවෙකි.
රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වන විට 80 වැනි වැයේ පසුවිය.

මධු සිහින, සැනසිලි සුවය,පික්පොකට්, මේ දැස කුමට ද,මිනිසුන් අතර මිනිසෙක්,ම්හිදුම් සිහින,ඔබට දිවුරා  කියන්නම් ආදී විශිෂ්ඨ සිනමා කෘති වෙනුවෙන් සිය රංග ප්‍රතිභාව මුසු කළේ ය. චෙරියෝ ඩාලිං,රැ ඩැනියෙල් දවල් මිගෙල්,ඔක්කොම කණපිට ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් මෑත යුගයේ  සිනමාවට නව ජීවක් ලබාදීමට ඔහු සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයි.ඕ.සී. ඉන්ධන මිලත් සංශෝදනය වේ

Mohamed Dilsad

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වාර්ෂික විද්වත් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment