ප්‍රමුඛ පුවත 1

විදේශිකයන්ගේ උදරයෙන් කොකේන් ගුලි තොගයක් එළියට

(UTV| කොළඹ) –  මෙරටට පැමිණ අත්අඩංගුවට පත්ව සිටින බ්‍රසීල ජාතිකයන් දෙදෙනාගෙන් මේ  වන විට ඔවුන් විසින් ගිල දමා තිබූ කොකේන් ගුලි 153ක් සොයා ගනී.

ඔවුන් මීගමුව මහ රෝහලේදී වෛද්‍යවරුන් විසින් විරේක ගන්වා මෙම කොකේන් ගුලි එළියට ගෙන තිබේ.

එම කොකේන් ගුලි වල මුළු බර කිලෝ  ග්‍රෑම් 1ක් සහ  ග්‍රෑම් 400කි.

ඒවායේ මුළු වටිනාකම රුපියල් මිලියන 35ක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

ඔවුන් දෙදෙනා ජුනි (30) සහ ඊයේ  (01) යන දින තුළ දෝහා සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ යානාවලින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සිදු කරනු ඇත

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

.

 

Related posts

වෙසක් සතිය 7 වන දා සිට 13 වන දා දක්වා

Mohamed Dilsad

අතිරේක දුම්රිය කිහිපයක් ධාවනයට පියවර

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට විශේෂ දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment