ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙක් කොටු වෙයි

(උදයම්,කොළඹ)  – ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන විදේශිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙති.

මෙහිදී රුපියල් මිලියන 30 කට අධික වටිනාකමකින් යුත් කොකේන් තොගයක් දිවයිනට රැගෙන ආ ලිතුවේනියානු ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කටුනායක ගුවන් තොටුපලේදී ඊයේ(14) අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකාර ලිතුවේනියානු ජාතිකයාගෙන් මත්ද්‍රව්‍ය භාරගැනීමට පැමිණි නයිජීරියානු ජාතිකයන් දෙදෙනෙකුද පසුව අත්අඩංගුවට ගෙන ඇත.
බ්‍රසීලය, ලිතුවේනියාව, ඉන්දියාව, නයිජීරියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරගෙන ඔවුන් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු වාර්තාවී තිබේ.

සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පැවසුවේය.

Related posts

මෙරට දැවැන්තම ආහාර ඇසුරුම් හා කෘෂිකර්ම ප්‍රදර්ශනය එළි දැක්වීම ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

මාතර හා සපුගස්කන්ද බලාගාර දෙකකින් විදුලිය මිලට ගැනීමට තීරණයක්

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ජනපතිට සුභ පැතුම්

Mohamed Dilsad

Leave a Comment