ප්‍රමුඛ පුවත 1

දිවයිනට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප්‍රධානී ජනපති හමුවෙයි

(UTV|පොළොන්නරුව) – සිව්දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුහායිර් මහ්මුද් හයාත්  (General Zubair Mahmood Hayat ) මහතා ඊයේ (28) පස්වරුවේ පොළොන්නරුව නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී සුහද කතා බහක නිරත විය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විෙජ්ගුණරත්න මහතාගේ ආරාධනාව පරිදි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානියා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර සිදුවන යුද හමුදා පුහුණු කටයුතු පිළිබද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, ති්‍රවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්ගේ පුහුණුව සදහා කොල්ලූපිටියේ ඉදිවන ආරක්ෂක විද්‍යාලයේ කටයුතු සදහා දක්වන සහය පිළිබදව ද ජනාධිපතිතුමා මෙහිදී පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානියා වෙත සිය ස්තූතිය පිරිනැමිය.

එම විද්‍යාලය සදහා විශේෂඥ දැනුම ඇති දේශකයින් යොමුකිරීමට ද මෙහිදී පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානියා ජනාධිපතිතුමා වෙත සිය එකගතාවය පළ කළේය.

ජෙනරාල් සුහායිර් මහ්මුද් හයාන්, පාකිස්ථානයේ 17 වන ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී වන අතරම පාකිස්ථානු සන්නද්ධ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා ද වේ.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් ආචාර්ය ෂාහිඩ් අහ්මඩ් හෂ්මට් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාදේ ගිය 27 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා වූ ජාත්‍යන්තර සමුළුව අද

Mohamed Dilsad

වෙසක් සමයේ කොළඹ ආරක්ෂාවට වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment