විදෙස්

රුසියානු ජනපතිගෙන් උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන්ට ආරාධනයක්

(UTV| කොළඹ) – උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර ආර්ථික සමුළුවක් රුසියාවේ පවත්වන ලෙස ජනාධිපති ව්ලැදිමීර් පුටින් ආරාධනා කරයි.

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සමඟ  ඊයේ (22) මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඔහු මේ  ආරාධනය කර ඇත.

ලබන සැප්තැම්බර් 11 වන දා සිට මෙලෙස කොරියානු ආර්ථික සමුළුව රුසියානු ඈත පෙරදිග ව්ලැදිවොස්ටොක් නුවර පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුව සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන්ට මෙන්ම චීන සහ ජපාන නායකයන්ට ද ඇරයුම් කර ඇති බව සඳහන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකාව සහ චීනය රාජතාන්ත්‍රික අර්බුදයකට මැදිවන ලකුණු

Mohamed Dilsad

යුරෝපානු කලාපයේ ආර්ථික වර්ධනය පහළට

Mohamed Dilsad

තෝමස් කුක් ගුවන් සේවා සමාගම සිය සේවා අත්හිටුවයි.

Mohamed Dilsad

Leave a Comment