ප්‍රමුඛ පුවත 1

LTTE සංවිධානයේ භාණ්ඩ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV|මුලතිව්) – LTTE සංවිධානයේ ඇදුම්, කොඩි හා ක්ලේමෝ බෝම්බ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ අද (22) අලුයම මුලතිව් ඔඩ්ඩුසුඩාන් මාර්ග‍යේදීය.

සැකකරුවන්  ත්‍රිරෝද රථයකින් මෙම භාණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය ගෙනයමින් සිටියදී අත්අඩංගුවට ගත් බව ඔඩ්ඩුසුඩාන් පොලිසිය පැවසීය.

පොලිසිය සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී අදාළ පුද්ගලයින් හා භාණ්ඩ අත්අඩංගුවට ගැනුණි.

අත්අඩංගුවට ගැනීම සිදුකරන අවස්ථාවේ එක් අයෙකු පළාගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්රායත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ‍ඔඩ්ඩුසුඩාන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩ මුදල ළඟදීම වෙනස් වේ

Mohamed Dilsad

අගමැතිට සහ දයා ගමගේට ජනපති කොමිසමට පෙනී සිටින්නැයි නියෝග

Mohamed Dilsad

රක්ෂිතවල පස්, වැලි, බොරළු සහ කළුගල් කැණීම සදහා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කරයි

Mohamed Dilsad

Leave a Comment