ක්‍රීඩා

ආජන්ටිනා කණ්ඩාම අවධානමක

(UTV| ) – මෙවර පාපන්දු ලෝක කුසලානයට තරඟවදින ප්‍රභල කණ්ඩායමක් වන ආජන්ටිනා කණ්ඩාම තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට යෑමේ අවධානමක් පවතී.

ඒ ඔවුන්ගේ තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ක්‍රොඒෂියාව හමුවේ ගෝල 0-3ක පරාජයක් ලබාගැනීම හේතුවෙනි.

ඊයේ (21දා) පැවැති තරගාවලියේ ආජන්ටිනාවට අභියෝගයක් වූ ක්‍රොඒෂියාව තරගයේ මුල සිටම ආක්‍රමණශීලී තරග විලාශයක් පෙන්නුම් කළේය.

එසේම ආජන්ටිනාවට ගෝල වාර්තා කිරීමට තිබූ අවස්ථා කිහිපයක්ම ඔවුන්ට මග හැරුණු.

ආජන්ටිනා දැළ රකින ක්‍රීඩක විලී කාබෙලෙරෝගේ දුර්වල ක්‍රීඩා විලාශය මෙම තරගයේ පරාජයට පූර්ණ ලෙස බලපෑ බව විචාරකයන්ගේ අදහසයි.

පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකිවිය. දෙවැනි අර්ධයේදී ක්‍රොඒෂියාව වෙනුවෙන් රෙබෙක් (53), මොඩ්රික් (80) හා රැක්ටික් (91) ගෝල වාර්තා කිරීමට සමත්වූහ. මෙය ඩී කාණ්ඩයේ තරගයක් විය.

ආජන්ටිනාව සහභාගීවූ පළමු තරගය වූ අයිස්ලන්තයට එරෙහි තරගය ගෝල 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් විය. අයිස්ලන්තය ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්නේ පළමු අවස්ථාවටය.

ආජන්ටිනාව නියෝජනය කරන ලියොනාල් මෙසීට තවමත් තරගාවලියේ දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම ඔවුගේ පසුබෑමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක්ට කොරෝනා

Mohamed Dilsad

2020 යුරෝපා පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය රුසියාවට

Mohamed Dilsad

රග්බි අවසන් පූර්ව වටයට වේල්සය

Mohamed Dilsad

Leave a Comment