Trending News

සයිටම් වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගැනීම නවතී

(උදයම්,කොළඹ)  –  මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම මාස 6ක කාලසීමාවක් සඳහා අත්හිටුවන ලෙස එහි පරිපාලනයට යෝජනා කිරීමට  තීරණය කළ බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ(13)  උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී   පැවැත්වුණි.

ඊට ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරූ, අමාත්‍යාංශ ලේකම් ඩි.සි.දිසානායක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය පී.එස්.එම්.ගුණරත්න සහ සමස්ත වෛද්‍ය පීඨ අටෙහිම පීඨාධිපතිවරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.

එහිදී මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් යෝජනා කිහිපයකට එකඟතාව පළ වු  බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව අවසන් එම්.බි.බි.එස්.විභාගය සමත් සහ සයිටම් ශිෂ්‍යයන්, ශල්‍ය වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය, ප්‍රසව විද්‍යාව සහ ළමා වෛද්‍යවේදය පිළිබද එක් එක් ක්ෂේත්‍රය සඳහා මාසයක් බැගින් රජයේ රෝහලක වැඩිදුර සායනික පුහුණුවක් ලබාගත යුතු බව ද යෝජනා කිරීමට තීරණය කර තිබේ.

Related posts

A team of SLN Marines joins Exercise RIMPAC – 2018

Mohamed Dilsad

සෞඛ්‍ය කාර්යය මණ්ඩල දැවැන්ත වැඩවර්ජනයකට සූදානම් වෙති…?

Editor O

USD 453 million from ADB for Mahaweli Water Security Investment Programme

Mohamed Dilsad

Leave a Comment