ප්‍රමුඛ පුවත 1

යුද්ධ හමුදාවෙන් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින අයවළුන්ට රැකවරණයදීම දඩුවම් ලැබිය හැකි වරදකි

(UTV| කොළඹ) – යුද්ධ හමුදාවෙන් පැනගිය හෝ නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින අයවළුන්ගෙන් කොටසක් තවමත් සැඟව සිටින අතර, දිවයිනේ නොයෙකුත් ප්‍රදේශයන්හි සිදුකරනු ලබන අපරාධ, මංකොල්ලකෑම් සහ සමාජ විරෝධි ක්‍රියාවන්ට මොවුන් සම්බන්ධවන බවට ද වාර්තා වී ඇත.

බොහෝ අවස්ථාවලදී, ව්‍යාපාරිකයින්, පාතාල කල්ලි නායකයින්, සේවා යෝජකයන් සහ වෙනත් පාර්ශවකරුවන්ගේ සහයෝගය ලබමින් විවිධ සමාජ විරෝධි ක්‍රියාවල මොවුන් නිරතවන බව පොලිස් වාර්තා හෙළි කරයි. තවද, මොවුන්ගෙන් සමහරක් ඇතැම් පූජ්‍ය පක්ෂයේ හෝ දේශපාලන බලවතුන්ගේ රැකවල් මත මෙවැනි වූ විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධව සිටිති.

එබැවින්, යුද්ධ හමුදාවෙන් පැනගොස් හෝ නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්හට රැකියා ඉඩ ප්‍රස්ථා හෝ රැකවරණය සැලසීම දණ්ඩ නීති සංග්‍රහයේ 133 වගන්තිය යටතේ දඩුවම් ලැබීය හැකි වරදක් බැව් පෙන්වා දෙනු ලැබේ.

එමෙන්ම, අදාළ පොලිස් ස්ථාන මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටයින් රාජ්‍ය ආයතනයන්හි සහය ඇතිව ඔවුන් අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූල ලෙස අස්කරීම ලබාදීමට හෝ නැවත කඳවුරු වෙත භාරදීමේ අරමුණින් දිවයින පුරා දැනටමත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවති.

යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානිවන පරිදි එවැනි සමාජ විරෝධි ක්‍රියාවන්හි නිරත වන යුද්ධ හමුදාවෙන් පැනගොස් හෝ නිවාඩු නොලබා රාජකාරියට නොපැමිණ සිටින හමුදා සාමාජිකයින්හට ආධාර හෝ අනුබල ලබාදීමෙන් හෝ ඔවුන් රැක බලාගැනීමෙන් හෝ සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා ඔවුන් භාවිතා නොකරන ලෙස යුද්ධ හමුදා මූලස්ථානය ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉල්ලා අස්වුණේ රටතුළ තවත් විනාශයක් ඇතිවීම වැළැක්වීමටයි – රිෂාඩ්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කීපයකට අඩු පීඩනයක් යටතේ ජලය බෙදාහැරේ.

Mohamed Dilsad

මෙරට සමස්ත ආසාදිතයන් 2724 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment