ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමි ගැන අද තීරණයක්

(UTV|කොළඹ) – බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද  ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව වාර්තාවේ.

ඒ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

මේ අතර, තමන් නිදහස් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනය අද (19) හෝමාගම මහාධිකරණයේදී සලකා බැලීමට නියමිතය.

පසුගිය 15 වන දා උන්වහන්සේගේ නීතිඥවරුන් විසින් මෙම පෙත්සම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට භාර දුන්නේ හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහාය.

අද සලකා බැලෙන අභියාචනාධිකරණ පෙත්සමෙන් උන්වහන්සේට ඇප ලැබෙනු ඇති බවට දැඩි විශ්වාසයකින් පසුවන බවයි සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් කීපයකට අද මිලිමීටර් 100 දක්වා තද වැසි…

Mohamed Dilsad

හෙරොයින් සමඟ සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Mohamed Dilsad

113 ක බහුතරය සම්පුර්ණයි – ජනපති

Mohamed Dilsad

Leave a Comment