විදෙස්

ට්‍රම්ප්ට එරෙහිව ඇමෙරිකාවේ විරෝධතා

(UTV|ඇමෙරිකාව)  – ඇමෙරිකානු පුද්ගලයන් රැසක් විරෝධතාවල නිරතව සිටිති.

ඒ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙක්සිකෝ , අමෙරිකානු දේශ සීමාවේදී අමෙරිකාවට අනවසරයෙන් ඇතුළු වීමට ප්‍රයත්න දරන පවුල්වල දෙමව්පියන්ගෙන් දරුවන් වෙන් කිරීමට අමෙරිකානු ජනපතිවරයා ගත් පියවර විරෝධතාකරුවන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බවයි.

එම විරෝධතාවලට ඩිමොක්‍රටික් පක්ෂයේ මන්ත්‍රීවරු ද එක්ව සිටි අතර ඔවුන් පෙන්වා දෙන්නේ මෙය ජාතියක් ලෙස අමෙරිකානුවන්ගේ පිළිවෙතට පටහැනි බවයි.

ඉකුත් අප්‍රේල් මස සිට මැයි මස දක්වා මෙක්සිකෝ අමෙරිකානු දේශ සීමාවේදී දෙමව්පියන්ගෙන් වෙන්කර ඇති දරුවන් සංඛ්‍යාව 2000කි.

දේශසීමාවේදී අමෙරිකාවට අනවසරයෙන් ඇතුළු වීමට ප්‍රයත්න දරන පවුල්වල දරුවන් මවුපියන්ගෙන් වෙන්කර කඳවුරුවල රඳවා තැබෙන අතර නීතිය කඩ කිරීම හමුවේ දෙමව්පියන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කෙරෙනු ඇති.

මේ අතර ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට විරෝධී මතයක් ජනපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප් ප්‍රකාශ කළා ය.

ඒ රටක් ලෙස නීතිය අනුගමනය කළ යුතු බව විශ්වාස කරන නමුත් මානුෂිකව රාජ්‍ය පාලනය ගෙනයන රටක් බවට ද අමෙරිකාව පත්විය යුතු බව පවසමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බ්‍රිතාන්‍ය අගමැතිගෙන් රනිල්ට පැසසුම්

Mohamed Dilsad

කියුබාවේ ගුවන් අනතුරකින් 100කට අධික පිරිසක් මරුට

Mohamed Dilsad

එල්ටීටීඊ සංවිධානයට, එක්සත් රාජධානියේ පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කෙරේ.

Editor O

Leave a Comment