ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරයාගේ රාමදාන් පණිවුඩය

(UTV| කොළඹ) – ලොව පුරා විසිරි සිටින ඉස්ලාම් බැතිමතුන් මෙන්ම ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව, අද රාමසාන් උත්සවය උත්කර්ෂවත් ලෙස සමරනු ලබයි.

පුරා මාසයක් උපවාස ශීලය රැකීමෙන් පසු නව සඳ දැකීමත් සමඟ ඇරඹෙන රාමසාන් උත්සවය මුස්ලිම් ජනතාවට ආගමික වශයෙන් සුවිශේෂි දිනයක්.සහනශීලී වටපිටාවක් නිර්මාණය කර ගත හැක්කේ අන්‍යයන් කෙරෙහි සංවේදී වීමෙන් සහ අවංකත්වය තුළින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාමසාන් දින පණිවුඩය නිකුත් කරමින් පවසා තිබේ.

පුරා මාසයක උපවාස සමයක් ගත කරන ඉස්ලාම් බැතිමතුන් පරිත්‍යාගය, සාමය සහ ගෞරවය මුල් කර ගත් රාමසාන් උත්සවය මගින් සමස්ත ලෝකයටම එම උතුම් පණිවුඩය ලබාදෙන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

සමස්ත ලෝකවාසීන්ගේම යහපත එවන් පණිවුඩයක හරය එකිනෙකා අවබෝධ කර ගන්නා පරිසරයක් තුළ රදා පවතින බව ද එහි සදහන්වේ.

මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය සහ යහපත, මනුෂ්‍යත්වය පිළිබද යහපත් සිතුවිලි ශක්තිමත්වීම තුළ රදා පවතින බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පේරාදෙණිය සරසවිය තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් හඳුනාගැනීමට ඛේට පරීක්ෂාවක්

Mohamed Dilsad

Leave a Comment