විදෙස්

ඇමෙරිකා – දකුණු කොරියා යුධ අභ්‍යාස නවතීද?

(UTV|ඇමෙරිකාව) – දකුණු කොරියාව සමග පැවැත්වීමට නියමිතව තිබු ඒකාබද්ධ යුද අභ්‍යාස කල් දැමේ.

නියත වශයෙන්ම දින නියමයක් නොමැතිව එය කල් දැමීමට ඇමරිකාව පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමග පැවැත්වූ සාකච්ඡාවලදී ලබාදුන් පොරොන්දුවට අනුකූළවයි.

මෙම පියවර ඇමරිකානු සහ උතුරු කොරියානු හමුදා දශක ගණනාවක් තිස්සේ පැවැත්වූ සහයෝගිතාවයේ කැපී පෙනෙන වෙනසක් බව විචාරකයන්ගේ අදහසයි.

කෙසේ නමුත්, උතුරු කොරියාව න්‍යෂ්ටික අවි තුරන් කරනතුරු ඊට එරෙහි සම්බාධක ඉවත් නොකරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ බන්ධනාගාර තුළ කොරෝනා ව්‍යාප්තිය වැඩි වෙයි

Mohamed Dilsad

අතුරුදන් වූ ආජන්ටිනා සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය ගැන බලාපොරොත්තු බිඳ වැටෙයිද?

Mohamed Dilsad

නවවැනි දිනටත් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 6000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment