ප්‍රමුඛ පුවත 1

යාපනය බන්ධනාගාර රැදවියන් පිරිසක් ආහාර වර්ජනයක

(උදයම්,යාපනය)  – යාපනය බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.
මෙලෙස වර්ජනය ආරම්භ කර ඇත්තේ දේශ සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් පිරිසක් බව අප වාර්තාකරු පැවසීය.

ඉන්දීය ධීවරයින් 31 දෙනෙකු අද(13) උදෑසන සිට මෙම වර්ජනය ආරම්භ කර ඇති අතර ඔවුහු තමන්ට ඉක්මනින් නිදහස ලබා දෙන ලෙස ඉල්ලා මෙලෙස වර්ජනයේ නිරතවී සිටිති.

මෙම ධීවරයින් ඉන්දියාවේ තමිල්නාඩු,තංගච්චිමඩම් හා රාමේෂ්වරම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවද වාර්තාවේ.

Related posts

බියගමට වතුර කැපේ

Mohamed Dilsad

ශ්‍රි ලංකාවෙ විශාලතම හෙරොයින් තොගය දෙහිවලින් සොයා ගනී

Mohamed Dilsad

තවත් නාවිකයින් 19 කට සුවයි

Mohamed Dilsad

Leave a Comment