ප්‍රමුඛ පුවත 1

ඥාණසාර හිමියන්ට සිර දඬුවම් නියම කරයි.වන්දි ගෙවන්නැයි නියෝග

(UTV| කොළඹ) – මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණය තුලදී මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස හයක බරපතල වැඩ සහිත වසරක සිර දඩුවම් අද (14) නියම කරයි.

ඒ අද පෙරවරුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ප්‍රගීත් එක්නැලිගොඩ මහත්මියගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් 50,000 වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අදාල චෝදනාවට වරදකරු බව පසුගිය මැයි මස 24 වනදා තීරණය කළ හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග එම හිමියන්ට දඩුවම් නියම කිරීම අද (14) දක්වා කල් තබනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී විමල් සිර මැදිරියේ මාරාන්තික උපවාසයක

Mohamed Dilsad

සෞඛ්‍ය ඇමැති ඉන්දියාවට

Mohamed Dilsad

දිවයින පුරා පවතින උෂ්ණත්වය තවත් වැඩිවෙයි…

Mohamed Dilsad

Leave a Comment