ප්‍රමුඛ පුවත 1

“ඩබ්ලියු. ඒ. අබේසිංහ සාහිත්‍ය මෙහෙවර” සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ශී‍්‍ර ලංකාවේ ප‍්‍රකට ගත්කතුවරයෙකු වන ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ ශූරින්ගේ ලේඛන දිවියට පනස් වසරක් සපිරීම නිමිත්තෙන් ඒ මහතාගේ සාහිත්‍ය මෙහෙවර අගයනු වස් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(12) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

සිංහල, ඉංගී‍්‍රසි දෙබසින්ම ග‍්‍රන්ථ රචනා කළ ප‍්‍රබන්ධකරුවෙකු, කවියෙකු, ගීත රචකයකු, පරිවර්තකයකු හා සාහිත්‍ය විචාරකයකු වන ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතා විසින් ඉකුත් අඩසියවස තුළ ලියා ප‍්‍රකාශයට පත් කරන ලද ග‍්‍රන්ථ සංඛ්‍යාව 300 කට ආසන්නය.

ඔහු විසින් කාණ්ඩ තුනකින් යුතුව ලියා පළ කළ මාර්ටින් වික‍්‍රමසිංහ මහගත්කරු වත විශේෂ සාහිත්‍ය ප‍්‍රයත්නයක් සේ සැලකෙයි.

එසේම සිංහල රුසියානු සහ භාරතීය නවකතා සහ කෙටිකතා රැසක්ම ඔහුගේ පරිවර්තන කෘති අතර වේ. 1966 දී සෝවියට් දේශයේ බාකු නුවරදීත්, 1967 දී ලෙබනනයේ බීරූට් නුවරදීත් පැවති ආසියා – අපි‍්‍රකා ලේඛක සම්මේලනයේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කළේ ඩබ්ලියු. ඒ. අබේසිංහයන්ය.

අබේසිංහ මහතාගේ අඩසියවසක සාහිත්‍ය සේවය වෙනුවෙන් වයඹ විශ්වවිද්‍යාලය සාහිත්‍ය ශූරි සම්මාන ආචාර උපාධිය පිරිනමා ඇති අතර, ශ‍්‍රී ලංකා ජනරජය මගින් කලා කීර්ති සම්මානය ද පිරිනමා තිබේ.

ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතා විසින් සම්පාදනය කරන ලද ‘මගේ ලෝකය සහ ඔවුන්ගේ ලෝකය’ කෘතිය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන්ගේ සාහිත්‍ය මෙහෙවර ඇගයීම සඳහා චන්ද්‍රසිරි සෙනෙවිරත්න හා උදේනි සරච්චන්ද්‍ර විසින් සංස්කරණය කරන ලද “අභය මුද්‍රාව” සහ දීපචන්ද්‍රි අබේසිංහ හා සුමුදු චතුරාණි ජයවර්ධනය සංස්කරණය කරන ලද “ආනන්දයෙන් ප‍්‍රඥාවට – අබේසිංහ සාර සංග‍්‍රහය” යන කෘති ද්විත්වය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

මෙම උත්සව සභාව අමතමින් ඩබ්ලියු. ඒ. අබේසිංහ ශූරින්ගේ අඩසිය වසක සාහිත්‍ය මෙහෙවර අගය කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඔහු මෙම යුගය තුළ ආඩම්බරයෙන් කතා කළ හැකි මහගත්කතුවරයෙක්, සාහිත්‍යධරයෙක්, විද්වතෙක් මෙන්ම සැබෑ මානව හිතවාදියෙකු බවයි.

රුවන්වැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින්වහන්සේ, ප‍්‍රවීන ගීත රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ ද පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, ප‍්‍රවීණ ගායිකා නන්දා මාලනී මහත්මිය ඇතුළු කලාකරුවන්, ලේඛකයින්  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විසඳුම් නොලැබුණොත් තැපැල් වෘත්තිය සමිති අඛණ්ඩ වර්ජනයක

Mohamed Dilsad

අඩු පීඩනය අරාබි මුහුද දෙසට

Mohamed Dilsad

“පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සුදුසුයි “

Mohamed Dilsad

Leave a Comment