ප්‍රමුඛ පුවත 1

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක බන්ධනාගාරයට(UPDATE)

(UTV| කොළඹ) -UPDATE – පුද්ගලයෙකුට ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදි මහේෂ් නිශ්ෂංක මහතා හෙට(12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ ඔහු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

(UTV| කොළඹ) – රජයේ නාළිකාවක ජේෂ්ඨ මාධ්‍යවේදීයෙකු වන මහේෂ් නිස්සංක කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මාධ්‍යවේදී මහේෂ් නිස්සංක මහතා විසින් වත්තල, එඬේරමුල්ල ප්‍රදේශයේදී කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙනි.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත ඔහු පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 9 වන දා රාත්‍රියේ පෞද්ගලික ආරවුලක් මත මාධ්‍යවේදී මහේෂ් නිස්සංක මහතා සහ කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරු අතර ඇතිවූ ගැටුමකදී මෙම පිහි ඇනුම සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී තුවාල ලැබූ එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි වසන්ත කුමාර ලියනගේ නැමැත්තාමේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාංචු වලින් අපේ අරගලය නවත්වන්න බෑ – පාඨලී [VIDEO]

Mohamed Dilsad

කාර්මික සංවර්ධන මණ්ඩලයේ කටුබැද්ද වැඩබිම් පරිශ්‍රය ඇමති රිෂාඩ් නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

සිසු සත්‍යග්‍රහයක් හේතුවෙන් වෝඩ් පෙදෙසේ වාහන තදබදයක්…

Mohamed Dilsad

Leave a Comment