Trending News

අගමැති ඔස්ට්‍රේලියාව බලා පිටත් වෙයි

(උදයම්,කොළඹ)  – ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයක් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා  අද  (13) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට හැත්තෑ වසරක් පිරීම ද මේ සංචාරයේ එක් අරමුණකි.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ඇතුළු අමාත්‍යවරුන් සමඟ මෙල්බර්න් සහ කැන්බරා නගරයන්හි දී පැවැත්වෙන ද්විපාර්ශවික සාකච්ඡා ගණනාවකට වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වන අතර, ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සබඳතා තව තවත් තහවුරු කෙරෙන ගිවිසුම් කීපයකට ද මේ සංචාරය අතරතුරදී අත්සන් තැබෙනු ඇත.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහුද මේ සංචාරයට එක්ව සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

சுற்றுலாத்துறை வருமானத்தை 700 கோடி டொலர் வரை அதிகரிக்கத்திட்டம்

Mohamed Dilsad

IGP to make special statement today

Mohamed Dilsad

ஐ.ம.சு.மு நாளைய பாராளுமன்ற அமர்வில் பங்கேற்காது

Mohamed Dilsad

Leave a Comment