ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

පාසල් සිසුන් 30,000 කට හස්ත කර්මාන්ත පුහුණුව දී තිබෙනවා – ඇමති රිෂාඞ්

(UTV| කොළඹ) – ජාතික ශිල්ප සභාව අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ශිල්ප නවෝදා වැඩසටහන ආරම්භ කරමින් පාසල් සිසුන් 30,000 කට හස්ත කර්මාන්ත ශිල්පය පිළිබද පුහුණුවක් ලබාදී තිබෙන බව, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

තරුණ තරුණියන් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයට යොමු වීම අඩු මට්ටමක පැවතීම නිසා ඔවුන් ඊට පොළඹවා ගැනීම අරමුණයි. 2018 වසර සදහා ශිල්ප නවෝදා වැඩසටහන සදහා වෙන්කළ මුදල රුපියල් ලක්ෂ 80 කි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා…

“ඒ යටතේ ජාතික ශිල්ප සභාව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව ශිල්ප නවෝදා වැඩ සටහන ආරම්භ කරනු ලැබුවා. මේ යටතේ දිවයිනේ පාසල් ළමුන් 30,000 ක් සඳහා හස්ත කර්මාන්තය පිළිබඳ දැනුමක් ලබා දී තියෙනවා. ඒ වගේම පාසල් සිසුන් 15,000 ක් සඳහා පුහුණු වැඩ සටහනක් ද ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙම වැඩ සටහන්වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ පළමු සමස්ත ලංකා පාසැල් හස්ත කර්මාන්ත තරඟය හා ප්‍රදර්ශනය පැවැත්වීමට හැකි වුණා. එහි ජයග්‍රහණය කළ සිසු දරු දැරියන්ගේ හා හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ ඇතුළත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වීමට අද අපට හැකි වූ අතර ජයග්‍රහණය කළ පාසල් සිසුන්ට ත්‍යාග සහ සහතික ලබා දීමද අද සිදු වෙනවා. 2018 වසර සඳහාත් මෙම ශිල්ප නවෝදා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මගේ අමාත්‍යාංශය රුපියල් මිලියන 8 ක් හෙවත් ලක්ෂ 80 ක් වෙන් කරල තියෙන බව සතුටින් සඳහන් කරන්න ඕන”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රවීන ගුවන් විදුලි නිවේදක කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අමිත් වීරසිංහ යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

Mohamed Dilsad

දිනේෂ් ගුණවර්ධන සභා නායකවරයා ලෙස වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment