ප්‍රමුඛ පුවත 1

රංගිරි දඹුලු රජමහා විහාරයේ ඉඩමක නව රෝහලක් ඉදි කෙරේ

(UTV|දඹුල්ල) – දඹුල්ල නව රෝහල ඉදිකිරිම සදහා රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අයත් දඹුල්ල ජය මාවතේ පිහිටි අක්කර 05 ක භූමියක් ලබාදීමට රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර මාතලේ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය අඹගස්වැවේ සිරි රාහුල නාහිමියන් සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පොරොන්දු වූහ.

ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා නාහිමියන් හමු වී මේ පිළිබදව සාකච්ඡා කළ අවස්ථාවේ දීය. මෙම හමුව රංගිරි ද,ඹුලු රජමහා විහාරයේ දී පසුගියදා පැවැත්විනි.

ප්‍රංශ රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 7000 ක මුදලක් වැය කරමින් නව රෝහල ඉදිකිරීමට නියමිතය. දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මලික රෝහලේ පවතින තදබදය සහ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා නව රෝහල ඉදිකිරිමට සෞඛ්‍ය අඅමාත්‍යවරයා තීරණය කර ඇත. ඒ අනුව මෙම නව රෝහල ඉදිකරන අතර, ඒ සදහා ඉඩමක් පරිත්‍යාග කිරීමට තමන් තීරණය කළ බව භාරකාර නාහිමියන් මෙහිදී පැවැසිය. මෙහි මැනුම් කටයුතු ඉදිරියේ දී සිදු කරන බවත්, රෝහල කඩිනමින් ඉදි කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා නාහිමියන්ට දැනුම් දුන්නේය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම, දඹූල්ල නගාරාධිපති ජාලිය ඕපාත, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මි හේවා පතිරණ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කැබිනට් රැස්වීම පවත්වන වෙලාවේ වෙනසක්

Mohamed Dilsad

දේශපාලන පක්‍ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment