විදෙස්

වයස්ගතම ජනපති රෝහලේ

(UTV – ඇමෙරිකාවේ) –  ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් මහතා යළිත් රෝහල්ගත කර තිබේ.

මේ වන විට ඔහු 93 හැවිරිදි වියේ පසු වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් මහතා මෙයින් ප්‍රාන්තයේ රෝහලකට ඇතුළත් කර ඇති බවයි.

ඒ අඩු රුධිර පීඩනය සහ විඩාව හේතුවෙන් බව සඳහන් වෙයි.

ජීවත්ව සිටින වයස්ගතම අමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ද 93 හැවිරිදි ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් වන අතර ඔහු දින කිහිපයක් මෙයින් ප්‍රාන්ත සෞඛ්‍ය සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

ඔහුගේ ප්‍රකාශකයෙකු ට්විටර් පණිවිඩයක් මඟින් සඳහන් කළේ  ජනාධිපතිවරයා කිසිදු අපහසුතාවයකින් තොරව අවදිව, සුපරීක්ෂාකාරීව සිටින බවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉලොන් මාස්ක් ට ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙක්ගෙන් පොරොන්දුවක්

Editor O

ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

බ්‍රසල්ස් වෙඩික්කරු මරුට

Mohamed Dilsad

Leave a Comment