ප්‍රමුඛ පුවත 1

විදුලි සේවකයින්ගේ වර්ජනය දැඩිවේ,ජල සේවකයිනුත් වර්ජනයක

(UTV| කොළඹ) – විදුලි ඉංජිනේරුවන් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දැඩි කර තිබේ.

විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ සති අන්ත රාජකාරිවලින් මෙන්ම හදිසි බිඳවැටීම් සහ අලූත්වැඩියා කටයුතුවලින්ද ඉවත්වන බවයි.

දිගුකාලීන විදුලිජනන සැලැස්මට මහජන උපයෝගී කොමිසම මෙතෙක් අනුමැතිය ලබානොදීමට විරෝධය පළ කරමින් පසුගිය 9 වනදා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

මේ අතර  ජල සහ පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් ද අද වර්ජනයක නිරත  වෙයි.

වැටුප් වැඩි නොකිරීමේ ගැටළුවක් මුල් කරගනිමින් අද පැය 4 ක සංකේත වර්ජනයක නිරතවන බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

කොරෝන තවත් දරුණු අතට

Mohamed Dilsad

2020න් පසු මේ රට පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි – අධ්‍යාපන ඇමති

Mohamed Dilsad

Leave a Comment