ප්‍රමුඛ පුවත 1

රන් බිස්කට් රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) – රන් බිස්කට් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ගුවන්තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගැනේ.

ඔවුන් සතුව තිබු රත්‍රන් බිස්කට් වල වටිනාකම රුපියල් විසිතුන් ලක්ෂයක් පමණ වේ.

ග්‍රෑම් 348 ක් බරැති මෙම රන් බිස්කට් ඔවුන්ගේ ගුද මාර්ගවල සහ පාවහන් තුළ සගවාගෙන පැමිණ ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි මෙම කාන්තාවන් දෙදෙනා අවුරුදු 51 ක් සහ 21 ක් වයසැති බොරැල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකාරිකකි.

සැකකාරියන් සම්බධයෙන් රේගුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෘහස්ත ගෑස් සිලින්ඩරයේ මිල ඉහළ යයි.

Mohamed Dilsad

සජින් වාස්ගේ නඩුවක් ජනවාරියට යළි කල් යයි [VIDEO]

Mohamed Dilsad

ලේක්හවුස්හි කටයුතු විධිමත් කරන්න ජනපති කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment