ප්‍රමුඛ පුවත 1

ආගමන හා විගමන නිලධාරින් ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය අතර හමුවක්  ඊයේ (24) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

ආගමන හා විගමන නිලධාරින් මුහුණදී සිටින වෘත්තීය ගැටලූ කිහිපයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඒ පිළිබඳ ජනාධිපතිතුමාගේ පුථල් අවධානය යොමු කෙරිණි.

එම ගැටලූ පිළිබද ඉදිරි දිනවලදී අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර පියවරෙන් පියවර විසදුම් ලබාදීමට ද මෙහිදී එකගතාවය පළ විය.

ආගමන හා විගමන සේවයේ සංවර්ධනයට ගතයුතු ඉදිරි පියවර පිළිබදව ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුවිය.

ආගමන හා විගමන නිලධාරින් රට වෙනුවෙන් ඉටු කරන සේවාව ද ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළේය.

අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩී. ස්වර්ණපාල යන මහත්රවරුන් ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා ඇතුථ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය ඇමතීමට සුදානම්

Mohamed Dilsad

ඉන්දිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී දිවයිනට

Mohamed Dilsad

සේනා දළඹු වසංගතය පැතිරෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment