ප්‍රමුඛ පුවත 1

දකුණේ උණ රෝගය තවදුරටත් පැතිරීමේ අවධානමක්

(UTV|ගාල්ල) –  දකුණු පළාතේ වෛරස් උණ රෝගය තවදුරටත් පැතිරයාමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

ඒ පවතින වර්ෂාවත් සමඟය.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ඊයේ (21)  කඹුරුපිටිය, මාතර සහ කරාපිටිය යන ප්‍රදේශවල ස්ථානීය පරීක්ෂා සිදුකර ඇත.

එහිදී උණ රෝගය සම්බන්ධයෙන් ඉදිරියේදී සම්පූර්ණ වාර්තාවක් ද ලබාදීමට නියමිතය.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේ කරාපිටිය, මාතර, ඇල්පිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන මූලික රෝහල්වල මේ වනවිට රෝගීන් 600 කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන බවයි.

වෛරස් උණ රෝගයත් සමඟ අද (22) සිට ලබන 27 වනදා දක්වා දකුණු පළාතේ සියලුම පෙර පාසල් වසා තැබීමටයි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදුණි.

මේ අතර ගාල්ල, මාතර, අකුරැස්ස, මුලටියන, තංගල්ල සහ වලස්මුල්ල යන අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රාථමික පාසල් අද සහ හෙට යන දෙදින තුළ වසා තැබීමට ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය විනාඩි 15 කට කල් දැමේ

Mohamed Dilsad

දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

දුමින්ද සිල්වාට බන්ධනාගාරය තුළ විශේෂ වරප්‍රසාද ලබාදීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්

Mohamed Dilsad

Leave a Comment